Saturday, July 10, 2010

පිල්කඩේ සිහිනය

මේ නිශානන්දයේ හාත්පස දඟක‍රන,
තරු පොකුරු අත‍රේ කෙළි කවටකම් ක‍රන,
වෙසක් සඳ කුමරුන් මදෙස හොරැහින් බලා,
වෙලා ලොව ඝණ අඳුර තරු අත‍ර සැඟවුනිය...

තුරු වදුල දෙදුරුවන රැහැයියන්ගේ ගීය,
මහද සන්තානයට එය විනි යසෝ ගීය,
තුරු හිසින් තුරු හිසට ස‍ර නඟා පැන දුවන,
නල කිමද තනන්නේ නිවන්නට හද පහන...

කිරි සුදට ඔප වැටුනු පන්සලේ සේයාව,
පුබුදුවයි හද කොනේ මතකයක සේයාව,
මා හද සුසානෙහි වැලලූ යට ගියාව,
මතකයට නඟාවී ඔබේ ඒ ගී රාව...

අම්මේ ඔබ නැතුව මගේ හිත‍ට පාලුයි,
ඔබ ගිහින් අද දිනට හාර මස් දෙපෝයයි,
අක්කා හදනා කෑම ඔබෙ ත‍රම් රස නොවෙයි,
පොඩි මල්ලියත් තවම ඔබ නැතිව හඬ තලයි...

එදා ඇඳි සාරියට අම්මෙ ඔබ හ‍රි හැඩයි,
ඊට ඉස්ස‍්රින්දා බත් නොකෑ හින්ද ඇයි,
කතා නොක‍රම හිටියෙ මගෙ හිතට හ‍රි දුකයි,
ගිහින් එන්නම්වත් කියලා නොගියෙ ඇයි...

තාත්තා හැමදාම ඉකි බිඳින්නේ මන්ද,
එයාටත් මට වගේ ඔබ නැතිව පාලුයිද,
ඔබ ගියායැයි කියපු දුර ඈත තැන කොහෙද,
මං වගේ පැංචෙකුට තනිව එන්නට බැරිද...

මාත් ලොකු මිනිහෙක් අවුරුදු හතයි හෙට,
ලොකු තෑග්ගක් අරන් හෙට උදෙන් මෙහි එන්ට,
හෙට උදෙන් මෙහි එන්ට බැරිවුනෝතින් ඔබට,
හීනෙන්වත් ඇවිත් ළඟින් හිඳ හිනැහෙන්න......

ඔන්න කාලෙකින්...

ඔන්න කාලෙකින් මට post එකක් දාන්න වෙලාවක් හම්බුනා...ඇති busyයකුත් නෑ..ඒත් වෙලාවකුත් නෑ...අනේ මන්දා ඇයි කියලා...හ‍රියට මේක ලියවෙයිද මන්දා...මං මේ football match එකක් බලන ගමන් මේ ලියන්නේ...මං කියන්නද?විස්ත‍ර තියෙන post එක ඊළඟ දවසේ දාන්නම්කො...අද කවියක් දාන්නම්...

මේක මං මේ ශෛලියට ලියපු හොඳම කවි වලින් එකක් කියල මට හිතෙනවා...මේක ලීවේ හොඳටම වැස්ස දවසක...මොකක්දෝ හේතුවකට මම වැස්සට කැමතියි...මගේ ගොඩක් නිර්මාණ ලියලා තියෙන්නේ වැස්ස දවස් වල තමයි...මේක ලියපු දවස මට තාම මතකයි...එළියේ හොඳටම වහිද්දී fan එකත් දාගෙන කකුල් 2ක උඩ තියාගෙන ලිව්වේ...ඒ දැනුනු හීතල මගේ හිත ඇතුලටම කාන්දු වුනාද කොහෙද...ඒ වගේ වටපිටාවක් හිතේ තියාගෙන කියවල බලන්න පුළුවන්නම්...

Saturday, May 15, 2010

ප‍රණ මගේ අදහස්

අන්තිමට මං ලියපු කවි ටික ගැන ඔයාලා මොනවද හිතන්නේ???හ්ම්.....ඒවා මං A/L පන්තියේ ඉද්දී ලියාපු ඒවා...ඇත්තටම ඒවා කියවද්දි ඒ කාලෙ මමයි මේ කාලෙ මමයි අත‍ර තියන වෙනස්කම්, සමානකම් ගොඩක් පේනවා...

ශ්‍රිතය කියන්නේ ගොඩක් ස‍රල කවියක් නේද?දෙන අදහස ගොඩක් පැහැදිලියි...ඒත් ඒකෙ දෙන අදහසට ඔයාලා එකඟ වෙනවද??මේ කාලෙ මමනම් විරුද්ධයි..:)මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා...ඒත් කාලයත් එක්ක, අත්දැකීම් එක්ක මගේ මතවාදත් වෙනස් වුනා...ඒ වෙනස හොඳක් ද න‍රකක් ද කියල සමහරු ප්‍රශ්න ක‍රන්න පුලුවන්...වැරදියි නේ කිව්වා...ඒක වෙනස හොඳ පැත්තක‍ට නෙවෙයි කියල ගොඩක් අය දකිනව කියල ම්ං දන්නවා...:)ඒත් ඉතින් මට වෙන අයට ඕන විදියට ජීවත් වෙන්න ගියොත් මට ඕන විදියට ජීවත් වෙන්න වෙලාවක් නැතිවෙනව නේද?ඒත් මට හිතෙනවා මං ලබපු අත්දැකීම් ඔයාලත් ලැබුවොත් ඔයාලටත් හිතෙන්න පුලුවන් මං හ‍රි කියලා...

ඊළඟ එක තමයි රාමුව...මට මේ කවිය ගැන අදහස ආවේ සාපේෂතාවාදය ගැන ඉගෙනගන්නකොට...Maths වල සාපේක්ෂ චලිතයෙත් මේ වගේ දේවල් තියෙනවා නේද?but රාමු ගැන මගේ ඔලුවට ආවේ Physics පන්තියේදි...ආද‍රේට වඩා විරහව ගැන ලියන්න මට මාර ආසාවක් තිබ්බා...අනේ මන්ද ඇයි කියලා...මේකත් විරහව ගැන මගේ අතින් ලියවෙච්ච එකක්...මොනාවුනත් මේකනම් ඇත්ත නේද??

ඊළඟ එකට මම නමක් දැම්මේ නෑ...ඇත්තටම මේක ලියල තිබ්බ තැන මම ඒකට නමක් දීල තිබ්බේ නෑ...මට නමක් දෙන්න තිබුනා...ඒත් හිතුවා ඔයාලගෙන්ම අහන්න...(කව්රුත් කියන්නැතුව අන්තිමට කිච වෙලා මටම නමක් දාන්න වෙනව ටක්කෙටම:)..)මේකෙ තියෙන scientific යෙදුම් ගැන මට සමාවෙන්න ඕනා...උසස් පෙළ විද්‍යා විෂයන් ක‍රපු නැති අයට මේක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්...ඇත්තටම කීවොත් ඒකෙ තිබ්බ පද 2ක් මම වෙනස් ක‍රා...
නිසි පමණ තීව්‍ර වූ,
නිසි සංඛ්‍යාතයක වන..
කියන පද 2 තිබ්බේ,
10^(-12)Wm^(-2)ට වඩා තීව්‍ර වූ,
10Hzට වැඩි සංඛ්‍යාතයක වන... කියලා...:)

මං ගාව තව subject කවි ටිකක් තියෙනවා...ඒව වෙනම session එකක දාන්නම්කො...නැත්තම් boring වෙනවානේ...ඊළඟට මෑත කාලෙකදි ලියපු කවියක් දාන්න කියල බැලුවෙ වෙනසකටන් එක්ක...මොකද කියන්නේ???

අනුනාදය...

ඔබේ කටහඬේ,
මිහිරි සංඛ්‍යාතය,
විය හෙයින් ආසන්න,
මහද සංඛ්‍යාතය,
වන්නට වීය,
මහද අනුනාදය...
නමුත්,
හැකිවේද ඔබ හට,
අසන්නට අනුනාදය,
මන්ද,
විය යුතු බැවින් එය,
නිසි පමණ තීව්‍ර වූ,
නිසි සංඛ්‍යාතයක වූ...
නමුත් මට ඇසුණේ,
නිසි සංඛ්‍යාතය නොව,
දෘශ්‍ය සංඛ්‍යාතය බව,
මට පසක් වූයේ,
සාපේක්ෂ ත්ව‍රණයෙන්,
ඈතට චලිතවී,
දෘශ්‍ය ප‍රාසය,
ඉක්මවූ පසුවය........

Sunday, May 2, 2010

රාමුව

අපගේ ආද‍රය....
මාගේ රාමුවෙහි ඔබ මා වෙතටත්,
ඔබගේ රාමුවෙහි මා ඔබ වෙතටත්,
ආකර්ෂණය වී ඇත...
සැබැවින්ම ආකර්ෂණය වූයේ කව්ද?
මා ද?ඔබ ද? අප දෙදෙනාම ද?
එය ප්‍රශ්නයක් නොවිනි...
මන්ද,
අප දෙදෙනාටම,
අපගේ රාමුවල,
වූ වෙනස තෘප්තියකි.....

අපගේ වෙන්වීම....
මාගේ රාමුවෙහි ඔබ මා ගෙනුත්,
ඔබගේ රාමුවෙහි මා ඔබ ගෙනුත්,
විකර්ෂණය වී ඇත...
සැබැවින්ම විකර්ෂණය වූයේ කව්ද?
මා ද?ඔබ ද? අප දෙදෙනාම ද?
නමුත් එය ප්‍රශ්නයකි...
මන්ද,
අප දෙදෙනාටම,
අපගේ රාමුවල,
වූ වෙනස දුකක් වන බැවිනි.....

ශ්‍රිතය

පුරුෂ කුලකය හා,
ස්ත්‍රී කුලකය අත‍ර,
සත්‍ය ප්‍රේමය නැමති,
සබඳතාවය ගමු....
එවිට,
පුරුෂ කුලකයේ,
එක් අවයවයකට,
අනන්‍ය වූ කෙනෙක්,
ස්ත්‍රී කුලකයේ ඇත...
අපට,
නිගමනය කල හැක්කේ,
පුරුෂයන් කුලකය,
සත්‍ය ප්‍රේමය නම්,
සබඳතාවය ගත් විට,
ස්ත්‍රී කුලකයේ,
ශ්‍රිතයකි......

Saturday, May 1, 2010

නොනැගතයේ ලිවූ සටහන...මැයි දිනයේදී අවසානයට....

නොනැගතේ තියෙන්නේ මේ වගේ වැඩ ක‍රන්නද කියල පැහැදිලි නෑ...ඒ කාලේ බ්ලොග් තිබ්බේ නෑ නොවැ:)...කලින් දැම්ම සටහන් දෙක ගැනම කියන්නත් දේවල් තියෙන හින්ද තමයි තකහනියකම ලියන්න හිතුවේ...

Love letter එකේ මැද තියන ඡේද 2ක ලියල තියෙන්නේ ප්‍රසිද්ධ English සින්දු 2ක් ඇසුරෙන්:)...මං හිතන්නේ ඔයාල ඒක දකින්නැති...නිසන්ස මහත්තයා ඉතින් ප්‍රසිද්ධ කියන සින්දු අහන්නැහැ නොවැ:)

ඔන්න ඔච්ච‍රයි නොනැගතයේ ලීවේ...ඉතුරු ටික ලියන්න මෙච්ච‍ර කල් ගත්ත එක ගැන මාගේ කණගාටුව...මැයි දිනයේදීවත් ලියලා ඉව‍ර ක‍රගන්න පුලුවන් වුනොත් හොදයි...:)

ඔන්න ඔය Love Letter එක ගැනත් පොඩි කතාවක් තියනවා...මේක ලැබුන කෙනාගේ යාලුවෙක් ඉන්නවා මගේ හොද යාලුවෙක්...(මගේ ගෑණු ළමයි ආශ්‍රය ගැන ඔයගොල්ලෝ ව‍රදවා හිතන්නෙපා;))එයා කීවා මේක කියෙව්වේ සෙට් එක එකතු වෙලාලු...කට්ටියම කොර වෙලා ගිහින්...ඒත් එකපාරටම කෙල්ලෙක්ට meter වෙලා මේ සින්දු කෑලි කියලා...සායම ඉව‍රයි ඉතින්...ඒත් කොහොම කොහොම හ‍රි මේක ලියාගත්ත කොල්ලා ඒ කෙල්ලව දාගත්තා...කල්පනා ක‍රල බැලුවම මං ලියපු letters වල සෑහෙන්න success rate එකක් තියෙනවා...:)

තාවකලික තෘප්තිය කියන්නේ ඔය සම්ප්‍රදායට මං ලීව කවි වලින් එකක්...ම්ං අතින් ලියවෙච්ච හොදම කවි සමහ‍රක් මේ සම්ප්‍රදායට ලියපු ඒවා කියල තමයි මට හිතෙන්නේ...මහ ලොකු විස්ත‍රයක් කියන්න ඕනෙ නෑනෙ...ඒකෙ කෙලින්ම අදහස් ප්‍රකාශ ක‍රලා තියනවානෙ...

ඊළගට දාන්න කියල මං බැලුවෙ පංතියේදී ලියපු කවි වලින් එකක්...subject ගැන කවි ලියවුනා ඇත්තටම කීවොත්...ඉගෙනගන්න කම්මැලි හිතුනම ඉතින් එක එක ඒවා ක‍රනවනේ...ඔන්න ඔයාලම කියවල බලන්න...

Tuesday, April 13, 2010

තාවකාලික තෘප්තිය...

බිමට බ‍ර වුනු දෙනෙත,
තාලයට තබන පා,
බැල්මෙන් කුළුණුබ‍ර,
ගමනෙන් සන්හිද,
මග දිගට හෙමිහිට,
පාත්‍රය ගෙන අතට,
ගෙයින් ගෙට,
ගෙයින් ගෙට...
එක් ගෙයක් පිට,
වුනි ගැහණියක,
දරුවෙක් ගෙන අතින්,
ඇදිනගති ඈ,
ලෙසින් ලිය,
පෙර ක‍රපු පෙම,
සිතුවිලි අතීතය,
නැගුණි මතකයට,
තාවකාලික තෘප්තිය,
ගැඹුරු සුසුමක් හෙලා,
පාත්‍රය පා ඇයට,
ඇයට දෙන්නට කිසිත් නැත,
මේ නිවන් මග,
පිය නැගුමට,
ඇගෙන් උපකාර කිම,
ඇය බලා සිටියාය,
දුර ඇදෙන රුව දෙස,
ගමනෙන් සන්හිද,
බැල්මෙන් කුළුණුබ‍ර,
මේ මා පෙම්කල ඔහුද,
බිමට බ‍ර වුනු දෙනෙත...

Saturday, April 3, 2010

The Love Letter

Once I thought that love is something which only to be seen in films...and I have laughed several times at lovers who can't tell their loved ones of their love...

You are the one who made me realize what's the feeling of love and how hard to express it...How someone's heart beat for someone else...

You are the song that I hear...You are the air that I breathe...You are the life that I live and I love u girl...Simply I'm in love with you...

I want to spend the rest of my life with you by my side but only if you want me to...

Hope you love me too.Because I really really love you...Even if you don't love me I will still love you...Because I love you...

With Love
.........

Wednesday, March 31, 2010

මූට්ටුව

කෙලින්ම කීවොත් කලින් ලිපියයි ඊළග ලිපියයි මූට්ටු ක‍රන්න තමයි මේ මූට්ටුව ලියන්නේ...:)මං හිතුවා වගේම කලින් කවියට සෑහෙන්න comments වැටිලා තියෙනවනේ ඔයාලා කොහොමද අර කවිය රස වින්දේ කියලා...:)ඔන්න මාත් දානවා කියපු හින්ද මගේ දෘෂ්ටි කෝණයත් එකතු ක‍රන්නම්...

මේ කවිය ලියලා දැනට අවුරුදු 5කටත් වැඩී...මේ කියන දේ මේ මතක නැති මට, මේ කවිය ලියද්දි හිතේ තිබ්බ දේවල් මතක තියෙන්න විදියක් නෑ නොවැ...ඒ හින්ද මම මේ ලියන්නේ පාහඨකයෙක් ව්දියට මේ කවිය දකින ආකාරය...

මට එක දෙයක් මතකයි...මේකෙන් කියවෙන්නේ පැතුමක තියන විවිධාකාර ස්වභාවයන් ගැන...මං මුළු කවිය ගැනම අදහස් දක්වලා ඔයාලව රාමුවක් තුල කොටු ක‍රන්නේ නෑ...ඒ වුනත් මේක කියවගෙන යද්දි ගෝවයි වැටකොළුයි වගේ ගැලපීමක් නෑ කියල ඔයාලට හිතෙන්න පුලුවන් කවියක් ගැන අදහස් දක්වන්නම්...

වනයෙක,
ගසක,
අත්තක,
කොළයක්ව...

මේකෙන් කියවෙන්නේ පැතුමක තියන තවත් එක් ස්වභාවයක් ගැන...ගහක අත්තක තියන කොළයක් හැලිලා ගියා කියලා ගහේ තව කොළ එන එක නවතින්නැහැනෙ...පැතුමක් කියන්නෙත් ඒ වගේ දෙයක් තමයි...කොච්ච‍ර පැතුම් බොද වෙලා ගියත් අපි තව තවත් බලාපොරොත්තු ඇති ක‍රගන්න එක නවත්තනැහැනේ...එහෙම නේද?ම්ං හිතනවා එක පාරම නැතිවෙලා යන ස්වභාවය, බලාපොරොත්තු හින්දා ජීවත් වෙන ස්වභාවය ගැන කියවෙන කවි ඔයාලා නිකංම හොයාගන්න ඇති කියලා...පැතුම, බලාපොරොත්තුව කියන සංකල්පය ගැන මම ගොඩාක් හිතලා ලියලා තියනවා...ඒත් මේක තමයි කුළුදුලේම ලියපු කවිය....

ඊළගට දානවා කියපු love letter එක ගැන කෙටියෙන් කීවොත් මෙහෙමයි...මේක අපේ free period එකක් වෙලාවේ වෙන පන්තියක කොල්ලෙක්ට අපේ පන්තියම එකතු වෙලා ලියලා දීපු එකක්...මේ කැද හැලියට ආඩි 7ක් නෙවි ආඩි 20ක් 30ක් හාල් දැම්මා...මේකෙ පොඩි විශේෂත්වයක් තියනවා...ඔයාලට කියෙව්ව හැටියෙ තේරෙයි... කියවලාම බලන්නකෝ...

Love letter එක ඊළග දවසේ හොදේ...මං මේ වීරයන්ගේ කුසලානෙට ගහන පයින්බෝල සෙල්ලමක අන්තිම ටික බලන්න කියලා...ඇලුමිනියම් කොල්ලටත් ත‍රගෙ බේරගන්න අමාරුයි වගේ...අපි නැවතුනා ඕං...ජය වේවා!!!

Sunday, March 28, 2010

පැතුම

දිනයක,
සැදෑවක,
නිවස්නෙක,
සිසිලක්ව...

හදවතක,
සිහිනයක,
සුසුමක,
සුවදක්ව...

සිතක,
අදුරක,
පහනක,
එළියක්ව...

වනයෙක,
ගසක,
අත්තක,
කොළයක්ව...

සයුරක,
රළෙක,
පෙණයක,
බුබුලක්ව...

පැතුමකට පෙරවදනක්

මෙයාලට කියන්න, මං මීට කලින් post එකක් දාන්න හිටියේ...කොහෙද ඉතින් මේ සතියේ හෙන සීන්කෝන් ගොඩක් වුනානෙ...මං full try එක දෙන්නම්කෝ සතියට එකක්වත් දාන්න...

"දි පොර" වගේ මේක් ලියන්න පටන් ගත්තට මොකද ඊයෙ හොයල බලද්දි තමා තේරුණේ ලියපු ගොඩක් කවි දැන් ම්ං ගාව නැති විත්තිය...කොහෙද ඉතින් අතට අහුවෙන පොතක් පිටිපස්සෙ හ‍රි leaflet එකක පිටිපස්සෙ හ‍රිනෙ වැඩි හ‍රියක් ලිවේ...ඒත් මගේ වාසනාවකට ම්ගෙ ප‍රණ diary එක හම්බුනා...මේකෙ මං එදිනෙදා වෙන දේවල් ලීවේ නැහැ...මට ඉතින් එච්ච‍රම කැසිල්ලක් නැහැ නොවැ...ම්ං මේකෙ ලීවෙ මට හිතිච්ච එක එක වල් භූත...පොතක් ගෙනිච්ච නැති දවස් වලට(ඒ කියන්නෙ ගොඩක් දවස් වලට:))මොනාහ‍රි ලියනව කියල teacherට පේන්න ලීවෙත් මේකෙම තමා...මට හිතුනහම ම්ං මේකෙ කවිත් ලීවා...අපේ කොල්ලො මේකට කිවේ මහදැන මුත්තගේ පොත කියලා...:)(ඔන්න මගෙන් හීනියට සැගවෙච්ච ලොකු එකක්;))

ම්ං ඊළගට දාන්න හිතුවේ මේකෙ තියන කවියක්...මං ඒ කාලෙ ලියපු ෂෛලියට වඩා වෙනස් ෂෛලියක එකක්...වචන අඩුයි(ඇත්තටම කීවොත් දැන් ටිකක් රෑ වෙලා හින්ද නිදි මතයි:))මේකෙන් දෙන අදහස ගැන ඔයාල මොකක්ද හිතන්නෙ කියල කියන්න ඕනෙ හැබැයි...(අන්තිමට කව්රුත් කියන්නැතුව මටම කියන්න වෙයි...defa:))

කවි විත‍රක් ලියල හ‍රියන්නෙ නෑ නොවැ...එන සතියේ අපි කොල්ලො සෙට් එක එකතු වෙලා කොල්ලෙක්ට ලියලා දීපු love letter එකක් දාන්නම්කො....:)

කියන්න අමතක වුනානේ...ඔයාලා මේ බ්ලොග් කියවනවනම් පුලුවන්නම් මේක ලුහු බදිනවද??:)එතකොට මං දන්නවනෙ ඔයාල මේක කියවනව කියලා...

Thursday, March 18, 2010

නොමිනිස් පෙම්වතිය ගැන

ඔයාලට කියන්න මේක තමයි මම මුලින්ම ලියපු කවිය...මම එතකොට 9 වස‍රෙ...විද්යාව සම්බන්ධ කවි ත‍රන්ගයකට යවන්න තම ලීවෙ...ඒත් යැව්වෙ නෑ..:)(අම්ම කියවල බලල කිවා මේකෙ කිසි විද්යා ගතියක් නෑ...මනමාල ගතියක්නම් තියනව කියල...)

ඕක අන්තිමට 2003 අවුරුද්දෙ විද්යා දිනයෙ පොතට දැම්මයි කියමුකො....ඔන්න ටික දවසකට පස්සෙ මන් අන්දුරන ගෑනු ලමයෙක් හම්බුනා විද්යා දිනයට ආපු...එයා කීවා මං ඔයා ලියපු කවිය කියෙව්ව කියල...මගෙ ඉතින් ඉහේ මලක් පිපුන වගේ...ඉතින් මං ඇහුවා කොහොමද හොන්දයිද කියලා...මේකි කියපි කවිය නම් හොන්දයි ඒත් කාටද ඒක ලියල තියෙන්නෙ? එළදෙනෙක්ටද? කියල....මට ඉතින්....

ඇත්තටම මේක ලියල තියෙන්නෙ කොයි වැනි කෙනෙක් අරඹ්යා කියලද හිතන්නෙ??මේක ලීවෙ අනාගතයෙ ඉන්න robo ගෑනු ළමයෙක් ගැන හිතල...අනාගතයේ මිනිස්සු තනි වෙනකොට ඒකට පිළියමක් විදියට යොදාගන්නෙ robo ල...ඉතින් මේ මිනිහ මෙයාව බලාගන්න එන robo කෙල්ලට ආද‍්රෙ ක‍රන්න ගන්නව...ඔයාල මේ ගැන එක එක විදියෙ මත ද‍රන්න පුලුවන්...එ මත ඔයාලා ආද‍රය යන සංකල්පය දිහා බලන්නෙ කොහොමද කියන එක මත රන්දා පවතිනව...අපිට පුලුවන්ද robo කෙල්ලෙක්ට ආද‍රය ක‍රන්න...අපි කතා ක‍රමු...

මං මේ කවියෙ මාතෘකාව robo කෙනෙක්ව එක ප‍්ර මැවෙන්නැති විදියට තියල තියෙන්නෙ...ම්ං මොන ඉටි ගෙඩියක් හිතේ තියන් ලීවත් මේක රස වින්දින්නෙ ඒක කියවන කෙනානෙ...ඒ කෙනාගෙ සිතුවිලි රාමුවක් තුල හිර ක‍රන්න හොන්ද නෑ...ඔයාල මොනාද මේක කියවද්දි හිතුනෙ??මං හිතුවට වඩ ලස්සන දේවල් ඔයාලගෙ සිතුවිලි තුලින් මතුවෙලා එන්න පුලුවන්...

මේ මගේ පළවෙනි කවිය....මගේ ඉලන්ග කවි එක්ක මං සහ මං හිතන විදිය වෙනස් වෙන හැටි අධ්යයනා ක‍රන එකත් interesting වේවි...

නොමිනිස් පෙම්වතිය

මා නෙතු එබ බලන්,
මග දෙසට,
විඩාවෙන්,
ඇය එයිද?නොම එයිද?
සිත දෙගිඩියාවෙන්,
අකීක‍රු දන්ගකාර,
ම නෙතු සන්ගල,
මට නොකියා ලොබ බන්දියි,
දැකුමට ඇගේ රුව..........
සුකොමල් ඒ දෙනෙත,
සිරික්කිය,
රන තිසරු පියොරු යුග,
මන පෙලන පුලුලුකුල,
දැක,
සත්තමයි වුනි වසන්ග මා............
පෙලයි මහද,
මන්ද,
ඔබ නොමිනිස්ය,
ම මිනිස්ය,
අප දෙදෙන කිසි ලෙසින්,
බැන්දෙමුද එක ලෙසින්,
මිනිස් නොමිනිස් වෙසින්..........
සත්තමයි ඒ ළමැද මැද,
නිලඹ‍රක සුව වින්දිමි,
මා නෙතු අද්ද‍ර,
මටත් නොකියා පැමිණි,
පිළි නොලද නියාවෙන්,
හන්ඩ නගන,
කන්දුලක්ය...........

අදිසි

මට කාලෙක ඉන්දන් හිතිල තිබුන බ්ලොග් එකක් ලියන්න...කොහෙද ඒක දවසින් දවස කල් ගියානෙ...ඔන්න අද තමා නමෝ විත්තියෙන් පටන් ගත්තෙ...ඒත් මේ අපේ uniye කෙනෙක්ගෙ සිංහල plug-in එකක් හම්බුන හින්ද...

අදිසි...එ කියන්නෙ පේන්නෙ නැති කියලනෙ...මගෙ අරමුණ වෙන්නෙ ලෝකයේ තියෙන අපිට පේන සාමාන්ය දේවල් වල අපි නොදකින පැත්ත ඒ කියන්නෙ අදිසි පැත්ත මං දකින විදියට ඉදිරිපත් ක‍රන්න.(බලහන්කො මුගෙ ලොකු එක, නේද අම්මපා?)

ම්ං ලෝකය දකින හැටි ලියන්න ගියොත් වැඩි කාලයක් යන්න කලින් කව්රුත් මේක කියවන එකක් නෑ...(මාව දන්න අය දන්නව ඇති ඒ මොකද කියල)ඒ හින්ද මන් වැඩිපුර මේකෙ දාන්න හිතන් ඉන්නෙ මං ලියපු කවි...එහෙන් මෙහෙන් ලිපියක් දෙකක් දාන්නම්...එව හැබැයි සාමාන්ය ගනයේ ඒවනම් නෙවි...

මට තියන ලොකුම බය මේක මෙලෝ සතෙක් කියවන එකක් නෑ කියල...එ හින්ද මේක කියවල හොන්දයි කියල හිතුනත් න‍රකයි කියල හිතුනත් comment එකක් දාන්න නම් අමතක ක‍රන්නෙපා...