Saturday, May 1, 2010

නොනැගතයේ ලිවූ සටහන...මැයි දිනයේදී අවසානයට....

නොනැගතේ තියෙන්නේ මේ වගේ වැඩ ක‍රන්නද කියල පැහැදිලි නෑ...ඒ කාලේ බ්ලොග් තිබ්බේ නෑ නොවැ:)...කලින් දැම්ම සටහන් දෙක ගැනම කියන්නත් දේවල් තියෙන හින්ද තමයි තකහනියකම ලියන්න හිතුවේ...

Love letter එකේ මැද තියන ඡේද 2ක ලියල තියෙන්නේ ප්‍රසිද්ධ English සින්දු 2ක් ඇසුරෙන්:)...මං හිතන්නේ ඔයාල ඒක දකින්නැති...නිසන්ස මහත්තයා ඉතින් ප්‍රසිද්ධ කියන සින්දු අහන්නැහැ නොවැ:)

ඔන්න ඔච්ච‍රයි නොනැගතයේ ලීවේ...ඉතුරු ටික ලියන්න මෙච්ච‍ර කල් ගත්ත එක ගැන මාගේ කණගාටුව...මැයි දිනයේදීවත් ලියලා ඉව‍ර ක‍රගන්න පුලුවන් වුනොත් හොදයි...:)

ඔන්න ඔය Love Letter එක ගැනත් පොඩි කතාවක් තියනවා...මේක ලැබුන කෙනාගේ යාලුවෙක් ඉන්නවා මගේ හොද යාලුවෙක්...(මගේ ගෑණු ළමයි ආශ්‍රය ගැන ඔයගොල්ලෝ ව‍රදවා හිතන්නෙපා;))එයා කීවා මේක කියෙව්වේ සෙට් එක එකතු වෙලාලු...කට්ටියම කොර වෙලා ගිහින්...ඒත් එකපාරටම කෙල්ලෙක්ට meter වෙලා මේ සින්දු කෑලි කියලා...සායම ඉව‍රයි ඉතින්...ඒත් කොහොම කොහොම හ‍රි මේක ලියාගත්ත කොල්ලා ඒ කෙල්ලව දාගත්තා...කල්පනා ක‍රල බැලුවම මං ලියපු letters වල සෑහෙන්න success rate එකක් තියෙනවා...:)

තාවකලික තෘප්තිය කියන්නේ ඔය සම්ප්‍රදායට මං ලීව කවි වලින් එකක්...ම්ං අතින් ලියවෙච්ච හොදම කවි සමහ‍රක් මේ සම්ප්‍රදායට ලියපු ඒවා කියල තමයි මට හිතෙන්නේ...මහ ලොකු විස්ත‍රයක් කියන්න ඕනෙ නෑනෙ...ඒකෙ කෙලින්ම අදහස් ප්‍රකාශ ක‍රලා තියනවානෙ...

ඊළගට දාන්න කියල මං බැලුවෙ පංතියේදී ලියපු කවි වලින් එකක්...subject ගැන කවි ලියවුනා ඇත්තටම කීවොත්...ඉගෙනගන්න කම්මැලි හිතුනම ඉතින් එක එක ඒවා ක‍රනවනේ...ඔන්න ඔයාලම කියවල බලන්න...

3 comments:

  1. මේකේ "ආශ්‍රය" කියන වචනේ තියන "ශ්‍ර" අකුර ඉසිර සම‍රසේක‍ර මැතිතුමාගේ අනුග්‍රහයෙන්...ඒක කියන්නම කියලා එතුමා බැගෑපත් වුනා...ඔන්න කීවා...:)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අහ්! ඒක ප්‍රසිද්ධ සින්දුවක් ද? මොකක්ද එතකොට අර tastes කථාව?

    ReplyDelete