Sunday, May 2, 2010

රාමුව

අපගේ ආද‍රය....
මාගේ රාමුවෙහි ඔබ මා වෙතටත්,
ඔබගේ රාමුවෙහි මා ඔබ වෙතටත්,
ආකර්ෂණය වී ඇත...
සැබැවින්ම ආකර්ෂණය වූයේ කව්ද?
මා ද?ඔබ ද? අප දෙදෙනාම ද?
එය ප්‍රශ්නයක් නොවිනි...
මන්ද,
අප දෙදෙනාටම,
අපගේ රාමුවල,
වූ වෙනස තෘප්තියකි.....

අපගේ වෙන්වීම....
මාගේ රාමුවෙහි ඔබ මා ගෙනුත්,
ඔබගේ රාමුවෙහි මා ඔබ ගෙනුත්,
විකර්ෂණය වී ඇත...
සැබැවින්ම විකර්ෂණය වූයේ කව්ද?
මා ද?ඔබ ද? අප දෙදෙනාම ද?
නමුත් එය ප්‍රශ්නයකි...
මන්ද,
අප දෙදෙනාටම,
අපගේ රාමුවල,
වූ වෙනස දුකක් වන බැවිනි.....

1 comment:

  1. වෙන් වුනේ දුකෙන් නම්
    එකකු නොව දෙදෙනාම
    වෙන් වෙන්න කරුණු කිම
    එක්ව දවසැරි නැතිව?

    ReplyDelete