Saturday, July 10, 2010

පිල්කඩේ සිහිනය

මේ නිශානන්දයේ හාත්පස දඟක‍රන,
තරු පොකුරු අත‍රේ කෙළි කවටකම් ක‍රන,
වෙසක් සඳ කුමරුන් මදෙස හොරැහින් බලා,
වෙලා ලොව ඝණ අඳුර තරු අත‍ර සැඟවුනිය...

තුරු වදුල දෙදුරුවන රැහැයියන්ගේ ගීය,
මහද සන්තානයට එය විනි යසෝ ගීය,
තුරු හිසින් තුරු හිසට ස‍ර නඟා පැන දුවන,
නල කිමද තනන්නේ නිවන්නට හද පහන...

කිරි සුදට ඔප වැටුනු පන්සලේ සේයාව,
පුබුදුවයි හද කොනේ මතකයක සේයාව,
මා හද සුසානෙහි වැලලූ යට ගියාව,
මතකයට නඟාවී ඔබේ ඒ ගී රාව...

අම්මේ ඔබ නැතුව මගේ හිත‍ට පාලුයි,
ඔබ ගිහින් අද දිනට හාර මස් දෙපෝයයි,
අක්කා හදනා කෑම ඔබෙ ත‍රම් රස නොවෙයි,
පොඩි මල්ලියත් තවම ඔබ නැතිව හඬ තලයි...

එදා ඇඳි සාරියට අම්මෙ ඔබ හ‍රි හැඩයි,
ඊට ඉස්ස‍්රින්දා බත් නොකෑ හින්ද ඇයි,
කතා නොක‍රම හිටියෙ මගෙ හිතට හ‍රි දුකයි,
ගිහින් එන්නම්වත් කියලා නොගියෙ ඇයි...

තාත්තා හැමදාම ඉකි බිඳින්නේ මන්ද,
එයාටත් මට වගේ ඔබ නැතිව පාලුයිද,
ඔබ ගියායැයි කියපු දුර ඈත තැන කොහෙද,
මං වගේ පැංචෙකුට තනිව එන්නට බැරිද...

මාත් ලොකු මිනිහෙක් අවුරුදු හතයි හෙට,
ලොකු තෑග්ගක් අරන් හෙට උදෙන් මෙහි එන්ට,
හෙට උදෙන් මෙහි එන්ට බැරිවුනෝතින් ඔබට,
හීනෙන්වත් ඇවිත් ළඟින් හිඳ හිනැහෙන්න......

ඔන්න කාලෙකින්...

ඔන්න කාලෙකින් මට post එකක් දාන්න වෙලාවක් හම්බුනා...ඇති busyයකුත් නෑ..ඒත් වෙලාවකුත් නෑ...අනේ මන්දා ඇයි කියලා...හ‍රියට මේක ලියවෙයිද මන්දා...මං මේ football match එකක් බලන ගමන් මේ ලියන්නේ...මං කියන්නද?විස්ත‍ර තියෙන post එක ඊළඟ දවසේ දාන්නම්කො...අද කවියක් දාන්නම්...

මේක මං මේ ශෛලියට ලියපු හොඳම කවි වලින් එකක් කියල මට හිතෙනවා...මේක ලීවේ හොඳටම වැස්ස දවසක...මොකක්දෝ හේතුවකට මම වැස්සට කැමතියි...මගේ ගොඩක් නිර්මාණ ලියලා තියෙන්නේ වැස්ස දවස් වල තමයි...මේක ලියපු දවස මට තාම මතකයි...එළියේ හොඳටම වහිද්දී fan එකත් දාගෙන කකුල් 2ක උඩ තියාගෙන ලිව්වේ...ඒ දැනුනු හීතල මගේ හිත ඇතුලටම කාන්දු වුනාද කොහෙද...ඒ වගේ වටපිටාවක් හිතේ තියාගෙන කියවල බලන්න පුළුවන්නම්...