Thursday, March 18, 2010

නොමිනිස් පෙම්වතිය

මා නෙතු එබ බලන්,
මග දෙසට,
විඩාවෙන්,
ඇය එයිද?නොම එයිද?
සිත දෙගිඩියාවෙන්,
අකීක‍රු දන්ගකාර,
ම නෙතු සන්ගල,
මට නොකියා ලොබ බන්දියි,
දැකුමට ඇගේ රුව..........
සුකොමල් ඒ දෙනෙත,
සිරික්කිය,
රන තිසරු පියොරු යුග,
මන පෙලන පුලුලුකුල,
දැක,
සත්තමයි වුනි වසන්ග මා............
පෙලයි මහද,
මන්ද,
ඔබ නොමිනිස්ය,
ම මිනිස්ය,
අප දෙදෙන කිසි ලෙසින්,
බැන්දෙමුද එක ලෙසින්,
මිනිස් නොමිනිස් වෙසින්..........
සත්තමයි ඒ ළමැද මැද,
නිලඹ‍රක සුව වින්දිමි,
මා නෙතු අද්ද‍ර,
මටත් නොකියා පැමිණි,
පිළි නොලද නියාවෙන්,
හන්ඩ නගන,
කන්දුලක්ය...........

4 comments:

  1. after reading the beautiful written poem, it is quite clear (atleast for me) that the the guy infact is falling for the robot girl. since falling for anyone is not sumthing tat u hav a control over or u can plan and the fact that logic always goes out of the window when the feelings get involved, its totally possible for guy to falling luv with the robot. (here u g....)

    ReplyDelete
  2. සුපුන් මම හිතන හැටිය‍ට මානවරූපී රොබෝවන් (Androids) හා කෘතීම බුද්ධියේ (Artificial Intelligence) හි දියුණුවේ මුල් පරිච්ඡේදයේදී විතරයි මේ නගලා තියෙන ගැටළුව මතු වෙන්නේ. ඒවා තව දුරටත් දියුණුවෙන කොට ඒ කියන්නේ මානවරූපී රොබෝවන් මිනිස් පෙනුමට ළං වෙන කොට (සුපුන්ගේ නිසදෙසේ හැටියට නම් මේ පියවර සම්පූර්ණයි වගේ) ඒ වගේම කෘතීම බුද්ධියට මිනිස් හැඟීම් දැනීම් එකතු කළ විට මේ ප්‍රේමය තව දුරටත් ඛේදාන්තයක් වෙන එකක් නෑ. හැබැයි ඒ වෙන කොට රොබෝලා දියුණූවෙන් අහංකාරවෙලා හිටියොත් "නොමිනිස් පෙම්වතියක්" හොයාගන්න එක "මිනිස් පෙම්වතියක්" සොයාගන්න තරම්ම හෝ ඊටත් වඩා හෝ අමාරු වෙයි

    ReplyDelete
  3. ම්ං ඔයා කියන දෙයට සම්පුර්ණ්යෙන්ම එකග වෙනව නිසන්ස,
    මං මෙහෙම ඇහුවොත්... මිනිහෙක්ට, හැගීම් දැනීම් නැති යන්ත‍රයකට ආද‍රේ ක‍රන්න පුලුවන්ද?

    ReplyDelete
  4. හපොයි ඇයි බැරි? ඔය ඕනෑ තරම් තියෙන්නේ ඒක පාර්ශවික ප්‍රේම කථා. මම හිතන විදියට ඒ සිද්දියකයි මේ සිද්ධියෙයි වැඩි වෙනසක් නෑ.

    ReplyDelete