කෙලින්ම කීවොත් කලින් ලිපියයි ඊළග ලිපියයි මූට්ටු කරන්න තමයි මේ මූට්ටුව ලියන්නේ...:)මං හිතුවා වගේම කලින් කවියට සෑහෙන්න comments වැටිලා තියෙනවනේ ඔයාලා කොහොමද අර කවිය රස වින්දේ කියලා...:)ඔන්න මාත් දානවා කියපු හින්ද මගේ දෘෂ්ටි කෝණයත් එකතු කරන්නම්...
මේ කවිය ලියලා දැනට අවුරුදු 5කටත් වැඩී...මේ කියන දේ මේ මතක නැති මට, මේ කවිය ලියද්දි හිතේ තිබ්බ දේවල් මතක තියෙන්න විදියක් නෑ නොවැ...ඒ හින්ද මම මේ ලියන්නේ පාහඨකයෙක් ව්දියට මේ කවිය දකින ආකාරය...
මට එක දෙයක් මතකයි...මේකෙන් කියවෙන්නේ පැතුමක තියන විවිධාකාර ස්වභාවයන් ගැන...මං මුළු කවිය ගැනම අදහස් දක්වලා ඔයාලව රාමුවක් තුල කොටු කරන්නේ නෑ...ඒ වුනත් මේක කියවගෙන යද්දි ගෝවයි වැටකොළුයි වගේ ගැලපීමක් නෑ කියල ඔයාලට හිතෙන්න පුලුවන් කවියක් ගැන අදහස් දක්වන්නම්...
වනයෙක,
ගසක,
අත්තක,
කොළයක්ව...
මේකෙන් කියවෙන්නේ පැතුමක තියන තවත් එක් ස්වභාවයක් ගැන...ගහක අත්තක තියන කොළයක් හැලිලා ගියා කියලා ගහේ තව කොළ එන එක නවතින්නැහැනෙ...පැතුමක් කියන්නෙත් ඒ වගේ දෙයක් තමයි...කොච්චර පැතුම් බොද වෙලා ගියත් අපි තව තවත් බලාපොරොත්තු ඇති කරගන්න එක නවත්තනැහැනේ...එහෙම නේද?ම්ං හිතනවා එක පාරම නැතිවෙලා යන ස්වභාවය, බලාපොරොත්තු හින්දා ජීවත් වෙන ස්වභාවය ගැන කියවෙන කවි ඔයාලා නිකංම හොයාගන්න ඇති කියලා...පැතුම, බලාපොරොත්තුව කියන සංකල්පය ගැන මම ගොඩාක් හිතලා ලියලා තියනවා...ඒත් මේක තමයි කුළුදුලේම ලියපු කවිය....
ඊළගට දානවා කියපු love letter එක ගැන කෙටියෙන් කීවොත් මෙහෙමයි...මේක අපේ free period එකක් වෙලාවේ වෙන පන්තියක කොල්ලෙක්ට අපේ පන්තියම එකතු වෙලා ලියලා දීපු එකක්...මේ කැද හැලියට ආඩි 7ක් නෙවි ආඩි 20ක් 30ක් හාල් දැම්මා...මේකෙ පොඩි විශේෂත්වයක් තියනවා...ඔයාලට කියෙව්ව හැටියෙ තේරෙයි... කියවලාම බලන්නකෝ...
Love letter එක ඊළග දවසේ හොදේ...මං මේ වීරයන්ගේ කුසලානෙට ගහන පයින්බෝල සෙල්ලමක අන්තිම ටික බලන්න කියලා...ඇලුමිනියම් කොල්ලටත් තරගෙ බේරගන්න අමාරුයි වගේ...අපි නැවතුනා ඕං...ජය වේවා!!!
No comments:
Post a Comment