Sunday, March 28, 2010

පැතුම

දිනයක,
සැදෑවක,
නිවස්නෙක,
සිසිලක්ව...

හදවතක,
සිහිනයක,
සුසුමක,
සුවදක්ව...

සිතක,
අදුරක,
පහනක,
එළියක්ව...

වනයෙක,
ගසක,
අත්තක,
කොළයක්ව...

සයුරක,
රළෙක,
පෙණයක,
බුබුලක්ව...

3 comments:

  1. මේක තේරුන් ගන්න නම් ඉතින් උඹේ ඇහින් බලන්න එපැයි. එතකොට නම් යමක් හිතෙනවා, හැබැයි කියන්න නම් මොකක්ද වගේ....!! ;)

    ReplyDelete
  2. බටහිර කාව්‍ය විචාරය අනුව ගත්තොත් "unfinished idea" කියන සම්ප්‍රදාය අනුව ගිය බව පෙනෙනවා. (ඒත් සුපුන් ඒක හිතලා කරාද කියලා කියන්න මම දන්නේ නෑ.) අනුප්‍රාස රසය තියෙනවා. (ඒක නම් හිතලමයි කරන්න ඇත්තේ.) සුපුන් ඊළඟ ලිපියෙන් කියපු අර්ථය අන්තිම කවි දෙකෙන්ම ගන්න පුළුවන්. මුල් කවි තුන නම් පැතුමක් පුද්ගල සන්ථානය කෙරෙහි ඇති කරන ධනාත්මක බලපෑම පෙන්වන බවයි මගේ හැඟීම. මම ඉතින් මෙතන කොච්චර පොර ටෝක් දුන්නත් සුපුන් කවිය ලියද්දි හිතං හිටියේ වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්නේ කියලා දැං කෙනෙකුට හිතෙන්න පුළුවන්. මම නම් එහෙම හිතන්නේ නෑ. අපි එක එක්කෙනා ලොකය දකින්නේ තමන්ට ඕන හැටියට. සුපුන්ගේ කවිය උනත් සුපුන් දැකපු විදියටම බලන්න ඕන කියලා නියමයක් නෑ.

    ReplyDelete
  3. මට බටහිර කවිය ගැන ලොකු දැනීමක් නෑ...ඒත් නොදැනුවවත්ව හ‍රි ඒ සම්ප්‍රදායට අනුව ගියපු එකක් බව හිතෙනවා...මට නිසන්සගේ comment එක ගැන ඊට වඩා කියන්න දෙයක් නෑ...ඇයි කීවොත් ඒක "perfect"...

    ReplyDelete