Thursday, March 18, 2010

අදිසි

මට කාලෙක ඉන්දන් හිතිල තිබුන බ්ලොග් එකක් ලියන්න...කොහෙද ඒක දවසින් දවස කල් ගියානෙ...ඔන්න අද තමා නමෝ විත්තියෙන් පටන් ගත්තෙ...ඒත් මේ අපේ uniye කෙනෙක්ගෙ සිංහල plug-in එකක් හම්බුන හින්ද...

අදිසි...එ කියන්නෙ පේන්නෙ නැති කියලනෙ...මගෙ අරමුණ වෙන්නෙ ලෝකයේ තියෙන අපිට පේන සාමාන්ය දේවල් වල අපි නොදකින පැත්ත ඒ කියන්නෙ අදිසි පැත්ත මං දකින විදියට ඉදිරිපත් ක‍රන්න.(බලහන්කො මුගෙ ලොකු එක, නේද අම්මපා?)

ම්ං ලෝකය දකින හැටි ලියන්න ගියොත් වැඩි කාලයක් යන්න කලින් කව්රුත් මේක කියවන එකක් නෑ...(මාව දන්න අය දන්නව ඇති ඒ මොකද කියල)ඒ හින්ද මන් වැඩිපුර මේකෙ දාන්න හිතන් ඉන්නෙ මං ලියපු කවි...එහෙන් මෙහෙන් ලිපියක් දෙකක් දාන්නම්...එව හැබැයි සාමාන්ය ගනයේ ඒවනම් නෙවි...

මට තියන ලොකුම බය මේක මෙලෝ සතෙක් කියවන එකක් නෑ කියල...එ හින්ද මේක කියවල හොන්දයි කියල හිතුනත් න‍රකයි කියල හිතුනත් comment එකක් දාන්න නම් අමතක ක‍රන්නෙපා...

2 comments:

  1. මම නම් කියන්නෙ සාමාන්ය දේවල් ගැන වෙන බ්ලොග් එකක් ලියන්න. එතකොට අපිට ඒක කියවන්න පුලුවන්නේ.

    ReplyDelete
  2. මමත් මුලින්ම නම් ටිකක් බයෙන් වගේ කියෙව්වෙ.ඒ උනත් මේ කවිය නම් ඇත්තටම ලස්සනයි.

    ReplyDelete