Saturday, May 15, 2010

ප‍රණ මගේ අදහස්

අන්තිමට මං ලියපු කවි ටික ගැන ඔයාලා මොනවද හිතන්නේ???හ්ම්.....ඒවා මං A/L පන්තියේ ඉද්දී ලියාපු ඒවා...ඇත්තටම ඒවා කියවද්දි ඒ කාලෙ මමයි මේ කාලෙ මමයි අත‍ර තියන වෙනස්කම්, සමානකම් ගොඩක් පේනවා...

ශ්‍රිතය කියන්නේ ගොඩක් ස‍රල කවියක් නේද?දෙන අදහස ගොඩක් පැහැදිලියි...ඒත් ඒකෙ දෙන අදහසට ඔයාලා එකඟ වෙනවද??මේ කාලෙ මමනම් විරුද්ධයි..:)මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා...ඒත් කාලයත් එක්ක, අත්දැකීම් එක්ක මගේ මතවාදත් වෙනස් වුනා...ඒ වෙනස හොඳක් ද න‍රකක් ද කියල සමහරු ප්‍රශ්න ක‍රන්න පුලුවන්...වැරදියි නේ කිව්වා...ඒක වෙනස හොඳ පැත්තක‍ට නෙවෙයි කියල ගොඩක් අය දකිනව කියල ම්ං දන්නවා...:)ඒත් ඉතින් මට වෙන අයට ඕන විදියට ජීවත් වෙන්න ගියොත් මට ඕන විදියට ජීවත් වෙන්න වෙලාවක් නැතිවෙනව නේද?ඒත් මට හිතෙනවා මං ලබපු අත්දැකීම් ඔයාලත් ලැබුවොත් ඔයාලටත් හිතෙන්න පුලුවන් මං හ‍රි කියලා...

ඊළඟ එක තමයි රාමුව...මට මේ කවිය ගැන අදහස ආවේ සාපේෂතාවාදය ගැන ඉගෙනගන්නකොට...Maths වල සාපේක්ෂ චලිතයෙත් මේ වගේ දේවල් තියෙනවා නේද?but රාමු ගැන මගේ ඔලුවට ආවේ Physics පන්තියේදි...ආද‍රේට වඩා විරහව ගැන ලියන්න මට මාර ආසාවක් තිබ්බා...අනේ මන්ද ඇයි කියලා...මේකත් විරහව ගැන මගේ අතින් ලියවෙච්ච එකක්...මොනාවුනත් මේකනම් ඇත්ත නේද??

ඊළඟ එකට මම නමක් දැම්මේ නෑ...ඇත්තටම මේක ලියල තිබ්බ තැන මම ඒකට නමක් දීල තිබ්බේ නෑ...මට නමක් දෙන්න තිබුනා...ඒත් හිතුවා ඔයාලගෙන්ම අහන්න...(කව්රුත් කියන්නැතුව අන්තිමට කිච වෙලා මටම නමක් දාන්න වෙනව ටක්කෙටම:)..)මේකෙ තියෙන scientific යෙදුම් ගැන මට සමාවෙන්න ඕනා...උසස් පෙළ විද්‍යා විෂයන් ක‍රපු නැති අයට මේක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්...ඇත්තටම කීවොත් ඒකෙ තිබ්බ පද 2ක් මම වෙනස් ක‍රා...
නිසි පමණ තීව්‍ර වූ,
නිසි සංඛ්‍යාතයක වන..
කියන පද 2 තිබ්බේ,
10^(-12)Wm^(-2)ට වඩා තීව්‍ර වූ,
10Hzට වැඩි සංඛ්‍යාතයක වන... කියලා...:)

මං ගාව තව subject කවි ටිකක් තියෙනවා...ඒව වෙනම session එකක දාන්නම්කො...නැත්තම් boring වෙනවානේ...ඊළඟට මෑත කාලෙකදි ලියපු කවියක් දාන්න කියල බැලුවෙ වෙනසකටන් එක්ක...මොකද කියන්නේ???

අනුනාදය...

ඔබේ කටහඬේ,
මිහිරි සංඛ්‍යාතය,
විය හෙයින් ආසන්න,
මහද සංඛ්‍යාතය,
වන්නට වීය,
මහද අනුනාදය...
නමුත්,
හැකිවේද ඔබ හට,
අසන්නට අනුනාදය,
මන්ද,
විය යුතු බැවින් එය,
නිසි පමණ තීව්‍ර වූ,
නිසි සංඛ්‍යාතයක වූ...
නමුත් මට ඇසුණේ,
නිසි සංඛ්‍යාතය නොව,
දෘශ්‍ය සංඛ්‍යාතය බව,
මට පසක් වූයේ,
සාපේක්ෂ ත්ව‍රණයෙන්,
ඈතට චලිතවී,
දෘශ්‍ය ප‍රාසය,
ඉක්මවූ පසුවය........

Sunday, May 2, 2010

රාමුව

අපගේ ආද‍රය....
මාගේ රාමුවෙහි ඔබ මා වෙතටත්,
ඔබගේ රාමුවෙහි මා ඔබ වෙතටත්,
ආකර්ෂණය වී ඇත...
සැබැවින්ම ආකර්ෂණය වූයේ කව්ද?
මා ද?ඔබ ද? අප දෙදෙනාම ද?
එය ප්‍රශ්නයක් නොවිනි...
මන්ද,
අප දෙදෙනාටම,
අපගේ රාමුවල,
වූ වෙනස තෘප්තියකි.....

අපගේ වෙන්වීම....
මාගේ රාමුවෙහි ඔබ මා ගෙනුත්,
ඔබගේ රාමුවෙහි මා ඔබ ගෙනුත්,
විකර්ෂණය වී ඇත...
සැබැවින්ම විකර්ෂණය වූයේ කව්ද?
මා ද?ඔබ ද? අප දෙදෙනාම ද?
නමුත් එය ප්‍රශ්නයකි...
මන්ද,
අප දෙදෙනාටම,
අපගේ රාමුවල,
වූ වෙනස දුකක් වන බැවිනි.....

ශ්‍රිතය

පුරුෂ කුලකය හා,
ස්ත්‍රී කුලකය අත‍ර,
සත්‍ය ප්‍රේමය නැමති,
සබඳතාවය ගමු....
එවිට,
පුරුෂ කුලකයේ,
එක් අවයවයකට,
අනන්‍ය වූ කෙනෙක්,
ස්ත්‍රී කුලකයේ ඇත...
අපට,
නිගමනය කල හැක්කේ,
පුරුෂයන් කුලකය,
සත්‍ය ප්‍රේමය නම්,
සබඳතාවය ගත් විට,
ස්ත්‍රී කුලකයේ,
ශ්‍රිතයකි......

Saturday, May 1, 2010

නොනැගතයේ ලිවූ සටහන...මැයි දිනයේදී අවසානයට....

නොනැගතේ තියෙන්නේ මේ වගේ වැඩ ක‍රන්නද කියල පැහැදිලි නෑ...ඒ කාලේ බ්ලොග් තිබ්බේ නෑ නොවැ:)...කලින් දැම්ම සටහන් දෙක ගැනම කියන්නත් දේවල් තියෙන හින්ද තමයි තකහනියකම ලියන්න හිතුවේ...

Love letter එකේ මැද තියන ඡේද 2ක ලියල තියෙන්නේ ප්‍රසිද්ධ English සින්දු 2ක් ඇසුරෙන්:)...මං හිතන්නේ ඔයාල ඒක දකින්නැති...නිසන්ස මහත්තයා ඉතින් ප්‍රසිද්ධ කියන සින්දු අහන්නැහැ නොවැ:)

ඔන්න ඔච්ච‍රයි නොනැගතයේ ලීවේ...ඉතුරු ටික ලියන්න මෙච්ච‍ර කල් ගත්ත එක ගැන මාගේ කණගාටුව...මැයි දිනයේදීවත් ලියලා ඉව‍ර ක‍රගන්න පුලුවන් වුනොත් හොදයි...:)

ඔන්න ඔය Love Letter එක ගැනත් පොඩි කතාවක් තියනවා...මේක ලැබුන කෙනාගේ යාලුවෙක් ඉන්නවා මගේ හොද යාලුවෙක්...(මගේ ගෑණු ළමයි ආශ්‍රය ගැන ඔයගොල්ලෝ ව‍රදවා හිතන්නෙපා;))එයා කීවා මේක කියෙව්වේ සෙට් එක එකතු වෙලාලු...කට්ටියම කොර වෙලා ගිහින්...ඒත් එකපාරටම කෙල්ලෙක්ට meter වෙලා මේ සින්දු කෑලි කියලා...සායම ඉව‍රයි ඉතින්...ඒත් කොහොම කොහොම හ‍රි මේක ලියාගත්ත කොල්ලා ඒ කෙල්ලව දාගත්තා...කල්පනා ක‍රල බැලුවම මං ලියපු letters වල සෑහෙන්න success rate එකක් තියෙනවා...:)

තාවකලික තෘප්තිය කියන්නේ ඔය සම්ප්‍රදායට මං ලීව කවි වලින් එකක්...ම්ං අතින් ලියවෙච්ච හොදම කවි සමහ‍රක් මේ සම්ප්‍රදායට ලියපු ඒවා කියල තමයි මට හිතෙන්නේ...මහ ලොකු විස්ත‍රයක් කියන්න ඕනෙ නෑනෙ...ඒකෙ කෙලින්ම අදහස් ප්‍රකාශ ක‍රලා තියනවානෙ...

ඊළගට දාන්න කියල මං බැලුවෙ පංතියේදී ලියපු කවි වලින් එකක්...subject ගැන කවි ලියවුනා ඇත්තටම කීවොත්...ඉගෙනගන්න කම්මැලි හිතුනම ඉතින් එක එක ඒවා ක‍රනවනේ...ඔන්න ඔයාලම කියවල බලන්න...

Tuesday, April 13, 2010

තාවකාලික තෘප්තිය...

බිමට බ‍ර වුනු දෙනෙත,
තාලයට තබන පා,
බැල්මෙන් කුළුණුබ‍ර,
ගමනෙන් සන්හිද,
මග දිගට හෙමිහිට,
පාත්‍රය ගෙන අතට,
ගෙයින් ගෙට,
ගෙයින් ගෙට...
එක් ගෙයක් පිට,
වුනි ගැහණියක,
දරුවෙක් ගෙන අතින්,
ඇදිනගති ඈ,
ලෙසින් ලිය,
පෙර ක‍රපු පෙම,
සිතුවිලි අතීතය,
නැගුණි මතකයට,
තාවකාලික තෘප්තිය,
ගැඹුරු සුසුමක් හෙලා,
පාත්‍රය පා ඇයට,
ඇයට දෙන්නට කිසිත් නැත,
මේ නිවන් මග,
පිය නැගුමට,
ඇගෙන් උපකාර කිම,
ඇය බලා සිටියාය,
දුර ඇදෙන රුව දෙස,
ගමනෙන් සන්හිද,
බැල්මෙන් කුළුණුබ‍ර,
මේ මා පෙම්කල ඔහුද,
බිමට බ‍ර වුනු දෙනෙත...

Saturday, April 3, 2010

The Love Letter

Once I thought that love is something which only to be seen in films...and I have laughed several times at lovers who can't tell their loved ones of their love...

You are the one who made me realize what's the feeling of love and how hard to express it...How someone's heart beat for someone else...

You are the song that I hear...You are the air that I breathe...You are the life that I live and I love u girl...Simply I'm in love with you...

I want to spend the rest of my life with you by my side but only if you want me to...

Hope you love me too.Because I really really love you...Even if you don't love me I will still love you...Because I love you...

With Love
.........